සෑම පොකුරු ගම්මානයකටම ආර්ථික මධ්‍යස්ථානයක්. - අගමැති

Sunday, 09 August 2015 - 18:46

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා දැනට පවතින ගම්මාන 20,000ක පමණ ප්‍රමාණය පොකුරු ගම්මාන 2500ක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මොණරාගල ප්‍රදේශයේ අද (09) පැවැති ජන රැළියකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සෑම පොකුරු ගම්මානයකටම ආර්ථික මධ්‍යස්ථානයක් ද ඉදිකරන බවයි. එමෙන්ම පොකුරු ගම්මාන සඳහා දේශපාලනඥයින්ගේ මැදිහත්වීමක් සිදුනොකරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.  

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන රැළියක් තංගල්ල නගරයේදී අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ අද වන විට රට තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සඳහා ආයෝජකයන් මෙරටට පැමිණ ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories