මිදිගමදී පොලීසියට පහරදුන් දෙදෙනෙකු සොයා පරීක්ෂන

Monday, 10 August 2015 - 13:23

%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1
මාතර - වැලිගම - මිදිගම ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. තුවාල ලැබූ  උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා 57 සහ 54 වන වියේ පසුවනවා. ඔවුන් වැලිගම - වරකාපිටිය සහ දෙණිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

මිදිගම ප්‍රදේශයේදී පිරිසකට තවත් පිරිසක් පහරදීමට සිටින බවට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව සොයා බැලීමට මිදිගම පොලිස් මුරපොලේ සේවය කළ  උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයෙකු එම ස්ථානයට ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේයි. එහිදී මග රැක සිටි පිරිසක් පොලිස් නිලධාරින්ට පහරදී තිබෙනවා. එහිදී බරපතල ලෙස තුවාල ලැබූ  පොලිස් සැරයන්වරයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා. උප පොලිස් පරික්ෂකවරයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories