හිරෙන් පැන්න ස්ත්‍රී දුෂකයා රන් හොරකමකදී මාට්ටු

Monday, 10 August 2015 - 14:25

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
ආයුධ සන්නද්ධ සංවිධානාත්මක කොල්ල කල්ලියක් මෙහෙයවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබලෙකු සහ තවත් සැකකරුවෙකු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ශානක කලංසූරිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි. රිමාන්ඞ් කෙරුණු එක් සැකකරුවෙකු ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් මහාධිකරණයෙන් වැරදිකරු වී මහාධිකරණයෙන් වසර විස්සක බරපතල සිර දඩුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාරයෙන් පළාගිය අයෙකු බවද අනාවරණ වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 10 වනදා අනුරාධපුර - ඇලයාපත්තුව - යහලේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බියවද්දා රන් භාණ්ඩ පැහැරගෙන යෑමේ සිද්ධියකටයි සැකකරුවන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories