මැතිඇමතිවරුන් නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටින රජයේ වාහන මහමඟදීම අත්අඩංගුවට #GenElecSL

Monday, 10 August 2015 - 19:29

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%23GenElecSL
නීතිවිරෝධී ලෙස රජයේ වාහන ලඟ තබාගෙන සිටින මැති ඇමතිවරුන් හෙට දහවල් 12ට පෙර ඒවා භාර නොදුනහොත් අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය උපදෙස් දී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීයි. මෙම සාකච්ජාවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් මෙන්ම පොලිසිය නියෝජනය කරමින් පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න ද එක්ව සිටියා.

මැතිවරණ කොමසාරිස්වරයා සමඟ අද පැවති සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල කියා සිටියේ බරපතල අපරාධ සිද්ධීන්ට සම්බන්ධ වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මෙම සාකච්ජාවට එක්වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ මේ මස 17 වැනිදාට පෙර මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් ප්‍රශ්ණ කිරීම් සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කැදවීමෙන් වළක්වන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

මෙම සාකච්ජාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න කියා සිටියේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොලීසිය ඇප කැපවී කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නීතීඥවරුන් දෙදෙනෙකු ඇතුළු පක්ෂ රැසක නියෝජිතයන් එක්ව සිටියා.

මැතිවරණ රාජකාරිවල යෙදවීමට බලාපොරොත්තු වන මෙතෙක් ඒ සඳහා තොරතුරු ලබා නොදුන් රජයේ සේවකයින්ට ඒවා ඉදිරිපත් කිරීමට තවත් දින දෙකක කාලයක් ලබාදී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කළේ ඇතැම් මාණ්ඩලික නිලධාරීන්, විදුහල්පතිවරුන්, විදුහල්පතිවරියන් සහ පිරිමි ගුරුවරුන් සැලකිය යුතු පිරිසක් සිය තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින බවට පෙනී ගොස් ඇති බවයි. මැතිවරණ රාජකාරී සඳහා තොරතුරු සැපයීමෙන් වැළකී සිටින සහ මැතිවරණ රාජකාරි පැහැර හරින රජයේ සේවකයන්ට දඬුවම් ලබාදිය හැකි බව ද මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර, මෙවර මැතිවරණය සඳහා පිළිගත් හැඳුනුම්පතක් නොමැති ඡන්දදායකයින්ට තාවකාලිකව හැඳුනුම්පත් ලබාදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. එමෙන්ම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් අවසන් කෙරුණු අතර කිසියම් ඡන්දදායකයෙකුට මෙතෙක් ඡන්ද කාඞ් නොලැබී ඇත්නම් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙතෙක් තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකිවූ රජයේ සේවකයන්ට හෙට දිනයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිතා කළ හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories