හිටපු ජනපතිගේ ආරක්ෂාව පිළිබඳ අධිකරණය වාර්තාවක් කැදවයි

Tuesday, 11 August 2015 - 7:56

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය සකස් කළ ආරක්ෂක තක්සේරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. මැතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නව සම සමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ සේනක පෙරේරා මූලික අයිතිවාසිකම් පෙත්සමක් මීට පෙර ගොනු කර තිබුණා. එම පෙත්සම ඊයේ සැලකිල්ලට ගත් අවස්ථාවේදියි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදුකළේ. මෙහිදී හිටපු ජනාධිපතිවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

අදාළ පෙත්සම ලබන 14 වන සිකුරාදා යළි කැදවීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories