මුවෙකු ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

Tuesday, 11 August 2015 - 17:09

%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හම්බන්තොට - කෑලියපුර - ගල්ලව රක්ෂිතයේදී මුවෙකු දඩයම් කළ සැකකරුවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් අද (11) උදෑසන අත්අඩංගුවට ගත්තා. වනජීවී නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  ඔවුන් එහි ගොස් තිබෙනවා.

මෙහිදී සැකකරු සමඟ සිටි දෙදෙනෙකු පළාගොස් ඇති අතර, එහි තිබී ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් වනජීවී නිලධාරීන් භාරයට ගත්තා .

 සැකකරු හම්බන්තොට - මාජ්ජාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories