ඡන්ද අපේක්ෂකයින් FCID යට කැඳවීම අත්හිටුවයි #GenElecSL

Tuesday, 11 August 2015 - 19:01

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+FCID+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
මැතිවරණය අවසන්වනතුරු ඡන්ද අපේක්ෂකයින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. මැතිවරණ කොමසාරිස්වරයා සිදුකළ දැනුම්දීමක් මත අදාළ තීරණය ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ නියෝජිතයින් අතර ඊයේ පැවති හමුවේදී නිදහස් සන්ධානයේ නියෝජිතවරයා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත අවධානය යොමුකර සිටියා. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවීම තුළින් ඡන්ද අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට හානි සිදුවිය හැකිබවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories