පවත්වාගෙන යාමට අපහසු පාසල්වලට රජයෙන් සහනාධාර #GenElecSL

Tuesday, 11 August 2015 - 19:31

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%23GenElecSL
පවත්වාගෙන යාමට අපහසු පාසල් සඳහා සහනාධාර ලබාදීමට නව ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ කැකිරාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.



වත්මන් ආණ්ඩුව ආයෝජකයන් එලවා පාතාලයට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.



හමුදා නිලධාරීන්, රාජ්‍ය යාන්ත්‍රණය හා කට්ටඩියන් සමඟ පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ නොහැකි වු හිටපු ජනාධිපතිවරයාට මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ හැක්කේ කෙසේ දැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරනවා. එහි නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ඊයේ නුගේගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories