රියදුරා දිවි නසාගෙන ඇත්තේ සී.බී.ගේ නිළ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක

Wednesday, 12 August 2015 - 7:47

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
වස පානය කර සිය දිවි හානි කර ගත් හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ රියදුරාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ, කොළඹ ජාතික රෝහලේදියි. හිටපු අමාත්‍යවරයාගේ නිළ නිවසේදී මොහු සිය දිවි හානි කරගෙන ඇත්තේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී බවට ද අනාවරණ වී තිබෙනවා.

අතුරුදන්ව සිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ රියදුරාගේ මළ සිරුර ඊයේ පොලීසිය සොයා ගත්තේ කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි  හිටපු අමාත්‍යවරයාගේ නිල නිවසේ තිබීයදී තිබියදියි. පොලීසිය සඳහන් කළේ එම රියදුරා වස පානය කර සියදිවි නසාගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.

 පසුගිය 1 වනදා මාදිවෙල - සුභද්‍ර  මාවතේ පිහිටි හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ පුද්ගලික නිවස ගින්නකින් විනාශ වුණා. මෙම සිද්ධියත් සමඟම එම නිවසේ සිටි හිටපු අමාත්‍යවරයාගේ රියදුරා අතුරුදන්වූ අතර ඒ හේතුවෙන් එම සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට සැක පළ වුණා. ගින්න සම්බන්ධයෙන් තමන්ව සැක කරන බවත් ඒ පිළිබඳව තමන් සිත්තැවුලෙන් පසුවන බව එම රියදුරා ලිපියක් මගින් සිය බිරිඳට දැනුම්දී ඇති බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වී තිබෙනවා. එමෙන්ම ඔහු එම ලිපියෙන් සදහන් කර ඇත්තේ තමන් කොළඹ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිළ නිවසේ සිටින බවටයි.

ඊයේ අලූයම කුරුඳුවත්ත පොලීසියට පැමිණි මිය ගිය රියදුරාගේ වැඩිමහල් සොහොයුරා මේ පිළිබඳව කුරුඳුවත්ත පොලීසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් හිටපු අමාත්‍ය සී.බී. රත්නායකගේ නිළ නිවස පරීක්ෂා කිරීමේදී මිය ගිය රියදුරාගේ මළ සිරුර එහි තිබී හමුවුණා.



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
අතුරුදහන්ව සිටි සී.බී. රත්නායකගේ රියදුරා නිළ නිවසට පැමිණ සියදිවි හානිකරගනී




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories