උතුරුමැද සභානායකට 7 වන වරටත් ඇප නැහැ

Wednesday, 12 August 2015 - 12:46

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+7+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත්කුමාර රත්නායකට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදත් ප්‍රතික්ෂේප කළා. මීට පෙර අවස්ථා 6 කදී නීතීඥවරුන් ඔහුට ඇප ඉල්ලා සිටියත්, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය ඇප නියම කළේ නැහැ. 2014 වසරේදී පළාත් සභා විමධ්‍යගත අරමුදල් යොදා දිලිඳු ජනතාවට සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් ලක්ෂ 9 ක මුදලක් වංචා කර ඇති බවට මෙම පැමිණිල්ල මෙහෙයවන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයයි. ඒ අනුව, සැකකරුට ඇප ලබාදීම සලකා බැලීම සඳහා විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මේ මස 18 වනදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කළා.  

2014 වසරේ උතුරුමැද පළාත් සභාවේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සෙවිලි තහඩු 538 ක් ජනතාවට බෙදා දුන් බව පවසා මෙම වංචාව සිදුකර ඇති බවටයි උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත්කුමාර රත්නායකට චෝදනා එල්ල වුණේ. ඒ අනුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය ජුනි 12 වනදා ඔහු අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories