හෘදසාක්ෂිය ලංකා සභාවේ කොළඹ අගරදගුරු හිමියන් වෙත

Wednesday, 12 August 2015 - 19:32

%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD
ජනතා විමුක්ති පෙරමුණේ හෘදසාක්ෂියේ සම්මුතිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ලංකා සභාවේ කොළඹ අගරදගුරු සහ කුරුණෑගල දිස්ත්‍රික් වැඩබලන අගරදගුරු ඩිලෝරාජ් කනකසබේ හිමිපාණන් වෙත පිළිගැන්වීම අද සිදුවුණා. ඒ, එම සභාවට අයත් කොළඹ 7 ආසන දෙව්මැදුරේදියි. එය පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

මේ අතර මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය ලබා නොදෙන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories