බීමට ජලය ඉල්ලා වව්නියාවේ අදත් විරෝධතාවක්

Thursday, 13 August 2015 - 14:46

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වව්නියාව නගරයේ වෙළඳසැල් හිමියන් සහ ප්‍රදේශවාසීන් අදත් (13) වව්නියාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඒ, සහන මිලට පිරිපහදු ජලය ලබාදෙන ව්‍යාපාරිකයන් 07 දෙනෙකු වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සහ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගැනීම හේතුවෙන්.

වව්නියාව දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගයට පිලියමක් වශයෙනුයි ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ මෙම ජලය පිරිපහදු කර අලෙවි කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කර ඇත්තේ. එමගින් පිරිපහදු කළ ජල ලීටරයක් රුපියල් තුනක මුදලකට අලෙවි කරනවා. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ වකුගඩු රෝගයට මෙන්ම තමන්ට පවතින පානීය ජල ගැටලූවට ද එය යම් විසඳුමක් බවයි. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ ජල මධ්‍යස්ථාන හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ වෙළඳසැල් ලියාපදිංචි කර නොමැති බව සහ නිසි අයුරින් ජලය ප්‍රවාහනය කිරීම සිදු නොකරන බව පවසමින්. හිරු ප්‍රවෘත්ති මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ අධිකරණ තීන්දුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක වූ බවයි.

කෙසේ වෙතත්, ඊයේ (12) අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු ඇලෙක්ස් රාජා විසින් ඔවුන්ට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් දඩ නියම කර මුදාහැර තිබෙනවා.
















ඡායාරූප - දිනසේන රතුගමගේ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories