දේශපාලනය අධිකරණයට සමීප කර ගන්න බැහැ - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියයි

Thursday, 13 August 2015 - 19:24

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙකක් ඉවත් කර ගැනීමට පැමිණිලිකරුවන් එකඟ වන්නේ නම් වත්මන් මහබැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑනාට එරෙහිව නිකුත් කළ නොතීසි යළි කැඳවිය හැකි බව කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (13) ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණයට දේශපාලනය සම්බන්ධ කර ගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහිව ගොනුකළ නඩු දෙකක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කිරීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමෙන් පසුවයි. ග්‍රීක බැඳුම්කර ගණුදෙනුව සහ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම තුළින් ජනතාව අසාධාරණයක් සිදුකර ඇති බව පවසමින් නීතීඥ කැලූම් කුමාරසිංහ ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මීට අදාළ නඩු ගොනුකළා. එහි ප්‍රධාන වගඋත්තරකරුවන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්. අද මෙම නඩුව කොළඹ අංක - 06 මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ නීතීඥවරයා කියා සිටියේ මෙම නඩුව එහි සිටින අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාග වුවහොත් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ අනුවයි මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කර තිබුණා. එහිදී දෙපාර්ශවයේ නීතීඥවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වූ බව හිරු අධිකරණ වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

නඩුව විභාගයට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම මෙන්ම, වත්මන් මහබැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑනාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ද දේශපාලන කරුණු පදනම් වී ඇති බවයි. අධිකරණයට දේශපාලනය සමීප කර ගැනීමට තමන් සූදානම් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් මහමැතිවරණයෙන් පසු ඒවා පවත්වාගෙන යන ලෙස ප්‍රකාශ කළා. එසේම, හෙට දිනයේ අදාළ පෙත්සම් තුනම යළි කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහි පෙත්සම් දෙක දැනට අත්හිටුවීමට සූදානම් නම් බැඳුම්කර ගණුදෙණුවට අදාළව වත්මන් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඔහුගේ බෑනට එරෙහිව නිකුත් කර ඇති නොතීසි යළි කැඳවීමට සූදානම් බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ. ඊට පැමිණිලි පාර්ශවය එකඟ නොවුනහොත් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු මහබැංකු අධිපතිවරයාට ද නොතීසි නිකුත් කිරීමට සිදුවන බව ප්‍රකාශ කළ ඔහු, මේ පිළිබඳ එකඟත්වය හෙට අධිකරණයට දැනුම් දෙන ලෙස දන්වා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories