මෙවර මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා. ඒ අනුව සියලූ මැතිවරණ ප්රචාරක කටයුතු අද (14) මධ්‍යම රාත්‍රියෙන් පසු නිමා කළ යුතු අතර, මැතිවරණ නීතිය ආරක්ෂා කිරීම සඳහා උපරිම අයුරින් කටයුතු කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් ප්‍රකාශ කළා.
මේ අතර, මහමැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණි විදේශීය නිරීක්ෂකයන් ඊයේ පොලිස්පතිවරයා හමුවුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ විදේශීය නිරීක්ෂකයන් 30 දෙනෙකු පමණ පොලිස් මූලස්ථානයේ පැවති මෙම හමුවට එක්ව සිටි බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට අද අලූයම දක්වා පූර්ව මැතිවරණ සමය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. පොලිස් වාර්තාවන්ට අනුව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 331 ක්. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබඳ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ඊයේ පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත ලිපියක් යොමුකර තිබුණා. එහි සඳහන් වන්නේ ඇතැම් පළාත් පාලන ආයතනවල නිලධාරීන් සහ සේවකයන් සන්ධානයට පක්ෂපාතීව කටයුතු කරමින් ඇතැම් අවස්ථාවන් හිදී අනෙකුත් සේවකයන්ට තර්ජනය කරමින් සිටින බවටද වාර්තා ලැබී ඇති බවයි. එම නිසා ඡුන්ද නීති ආරක්ෂා කරන මෙන් ඔවුන්ට උපදෙස් ලබාදෙන ලෙසද එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව යොමුකළ අදාළ ලිපියේ සඳහන්.

Follow US
Most Viewed Stories