ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි ලෙස හිරු නැවතත් සම්මානයෙන් පිදුම් ලබයි

Friday, 14 August 2015 - 13:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
මෙරට මාධ්‍ය ආයතන අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන ද්විත්වයේම ජනප්‍රියම සන්නාමය වන ‘හිරු‘ අන්තර්ජාල මාධ්‍යයේත් ජනප්‍රියම සන්නාමය බව නැවත වරක් සනාථකර තිබෙනවා.

ඒ, මෙරට හොදම වෙබ් අඩවි තෝරා ගැනෙන ‘best.lk ‘ සම්මාන උළෙලේ දී මාධ්‍ය අංශයේ ජනප්‍රියම සම්මාන සියල්ල හිමිකර ගනිමින්.

ශ්‍රී ලංකාවට අනන්‍ය 'ඩොට් එල්කේ' ඩොමේන් නාමය ලබාදිය හැකි එකම ආයතනය වන 'එල්කේ ඩොමේන්' විසින් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණා.

එහිදී විවිධ ක්ෂේත්‍රවලට අයත් වෙබ් අඩවි  අතුරින් වැඩිම පරිශීලක සංඛ්‍යාවක් ඇති ජනප්‍රියම වෙබ් අඩවි සදහා හිමි වූයේ සුවිශේෂ ස්ථානයක්.

සම්මාන අතරින් මාධ්‍ය අංශයේ සියලු ජනප්‍රිය සම්මාන තමන් සතු කර ගැනීමට ‘හිරු‘ සමත් වුණා.

මාධ්‍ය අංශයේ  ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත් වුයේ  hirunews.lk

වින්දනාත්මක අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස hirufm.lk තේරී පත්වුණා.

ඊට අමතරව හිරු එෆ්.එම්. ක්‍රීඩා හා වින්දනාත්මක අංශයේ හොඳම වෙබ් අඩවියක් ලෙසත් සම්මානයට පාත්‍ර  වුණා.  ඒ, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ එල් කේ ඩොමේන් ආයතනයට සම්බන්ධ විශේෂඥයන් විසින් සිදුකළ ඇගයීමක් අනුවයි.

එම ඇගයීමේදී හිරු එෆ්.එම්. වෙබ් අඩවිය සතු තාක්ෂණය, සැලසුම් නිර්මාණය, අන්තර්ගතය හා පරිශීලකයන් අතර ඇති අන්තර් සබදතාවය සැලකිල්ලට ගෙන තිබෙනවා.

හිරු ලබාගත් මෙම සම්මාන ත්‍රිත්වයත් සමග ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් භාවිත කරන බවට යළි යළිත් තහවුරු වනවා.
 
ශ්‍රී  ලාංකිකයන් අතර ඉහළින්ම වැජඹෙන මෙම වෙබ් අඩවි ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි රැසක හිමිකාරීත්වය දරන්නේ ආසියානු මාධ්‍ය ජාලයට අනුබද්ධිත ලෝටස් ටෙක්නොලජී ආයතනයයි.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ ලෝටස් ටෙක්නොලජීස් ආයතනය මෙරට අන්තර්ජාල  මාධ්‍ය කලාව, නව මානයකට යොමු කිරීමට  සමත්ව තිබෙනවා.




bestweb.lk සම්මාන උළෙලේදී  hirunews.lk සහ  hirufm.lk ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී  ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ආසියානු මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි  වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු පවසනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ තම මාධ්‍ය ජාලයේ වෙබ් අඩවි  ලබන මෙම සියලූ ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයින් වන ඔබ බවයි. 























 





























Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories