ජනපති ලිපියෙන් නම් කළ 07 දෙනා අගමැති ධුරය එපා කියයි #GenElecSL

Friday, 14 August 2015 - 13:43

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+07+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කළ තමා ඇතුළු හත් දෙනාගෙන් කිසිවෙකු එය භාර ගැනීමට සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ නිදහස් සන්ධානය කොළඹ දී අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, අනාගත අගමැතිවරයා ලෙස ජනතාව ඉල්ලන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමා ජනමතයට හිස නමන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ආණ්ඩුවක් පිහිටුවීමට නිදහස් සන්ධානයට හැකි වුවත් අගමැති වන්නේ මහින්ද රාජපක්ෂ නොව නිදහස් පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු බවයි.

එම ලැයිස්තුවට ජනාධිපතිවරයා විසින් චමල් රාජපක්ෂද නම් කර තිබුණා. එම ලිපිය සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා අද පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂයේ සාමාජිකයන් ඒකමතිකව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති කළ යුතු බවට ප්‍රකාශ කළ බවයි. ජනතාව තමා අගමැතිවරයා කරන ලෙස ඉල්ලීමක් නොකරන බවද හිටපු කතානායක චමල් රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories