සුසිල් - අනුර ඉවත්කර , විශ්වා - දුමින්ද පත් කළ සම්පුර්ණ ලිපි හුවමාරුව මෙන්න

Friday, 14 August 2015 - 20:12

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85++%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක සහ නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බව කොළඹ දිසා අධිකරණයේදී අද (14) අනාවරණ වුණා. මහාචාර්ය විශ්වා වර්ණපාලගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කරමින් කියා සිටියේ ඊට අදාළ පත්වීම් ලිපිය තමන් වෙත අද දිනයේ ලැබුණු බවයි.

 මේ අතර, නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අනුර ප්‍රියදර්ශන යාපාට සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සුසිල් ප්‍රේමජයන්තට කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් ද නිකුත් කළා. ඒ, එම තනතුරුවලට අලූතින් පත්වූ අමාත්‍ය දුමින්ද දිසානායක සහ මහාචාර්ය විශ්වා වර්ණපාල ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදියි.

පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදුකර ඇති නිසා තමන්ට බාධාවකින් තොරව එම කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසයි ඔවුන් එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණේ.

කරුණු සලකා බලමින් කොළඹ දිසා අධිකරණය ලබන 28 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළ බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු  සඳහන් කළා.

නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා ලෙස පත් වූ මහාචාර්ය විශ්වා වර්ණපාල  කියා සිටියේ නිදහස් පක්ෂයේ වසර 40කට ආසන්න කාලයක් සාමාජිකයෙකු ලෙස කටයුතු කරන තමන්ට නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනයකට අනුව එම තනතුර භාර ගත් බවයි.

සුසිල් සහ අනුර මහලේකම් ධුරවලින් ඉවත් කරමින්  පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් සහ නව පත්වීම් ලබා දෙමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නිදහස් පක්ෂ සභාපති ලෙස යොමු කර ඇති ලිපි සියල්ල සම්පුර්ණ ලෙසින් මෙසේය.









කෙසේ වෙතත්, මෙම පත් කිරීම් ව්‍යවස්ථා විරෝධී බවයි  නිදහස් සන්ධාන නීතිඥ මඩුල්ලේ සාමාජික නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ. එම නිසා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු දක්වන බව ඔහු සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories