සුසිල්- අනුරගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් , නායකත්වයට - පක්ෂයට එරෙහි පුද්ගලයන් සමග කටයුතු කරලාලු

Saturday, 15 August 2015 - 8:15

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%2C++%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7++%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C++%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%94
සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු මන්ත්‍රීවරුන්ගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය ද තහනම් කර තිබෙනවා. ඊට අදාළ ලිපි පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔවුන් වෙත යොමු කර තිබුණා. එම ලිපිවල නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක සහ සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල පත් කළ බව ද සඳහන් වනවා.

 නිදහස් පක්ෂයේ කීර්ති නාමයට, යහපැවැත්මට සහ උන්නතියට හානි කර ක්‍රීයාවන්හි නිරත වන බවට තමන් වෙත වාර්තා වී ඇති බවයි සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා යැවූ ලිපිවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

පක්ෂයේ නායකත්වය සහ ප්‍රතිපත්තිවලට එරෙහි පුද්ගලයන් සමඟ කටයුතු කරන බවට ද තමන් වෙත වාර්තා වී ඇති බව ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන එහි සඳහන් කරනවා. පක්ෂය මගින් ඊට අදාළව ගනු ලබන විනය ක්‍රියාමාර්ග නුදුරු දිනකදී දන්වන බවයි එම ලිපිවල දැක්වෙන්නේ.

 එසේම නව තනතුරුවලට පත් කළ අමාත්‍ය දුමින්ද දිසානායක සහ මහාචාර්ය විශ්වා වර්ණපාල වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙන් වෙන් වශයෙන් පත්වීම් ලිපි යොමු කර තිබුණා. ඒවායේ සඳහන් වන්නේ අදාළ තනතුරුවල මීට පෙර කටයුතු කළ අය ඒ සඳහා බාධා කිරීමට උත්සාහ දරයි නම්, ඒවා බාධාවකින් තොරව කරගෙන යාමට නීතිමය පියවර ඇතුළු අවශ්‍ය සියලූ පියවර ක්‍රියාත්මක කරන ලෙසයි.

 මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ලිපි නිදහස් පක්ෂයේ විධායක සභාව වෙත මෙන්ම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙත ද යොමු කර තිබුණා.

 ඒ අනුව නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අනුර ප්‍රියදර්ශන යාපාට සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සුසිල් ප්‍රේමජයන්තට කොළඹ දිසා අධිකරණය ඊයේ (14) වාරණ නියෝගයක් ද නිකුත් කළා. ඒ, එම තනතුරුවලට අලූතින් පත්වූ අමාත්‍ය දුමින්ද දිසානායක සහ මහාචාර්ය විශ්වා වර්ණපාල ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදියි.

පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදුකර ඇති නිසා තමන්ට බාධාවකින් තොරව එම කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසයි ඔවුන් එම පෙත්සම්වලින් ඉල්ලා තිබුණේ. කරුණු සලකා බලමින් කොළඹ දිසා අධිකරණය ලබන 28 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළ බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස පත්වු මහාචාර්ය විශ්වා වර්ණපාල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සන්ධානයේ මහ ලේකම් ධුරය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනයකට අනුව එම තනතුර භාරගත් බවයි.

නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කර සිටින අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ නිදහස් පක්ෂය යළි එකතු කිරීමේ වෑයම මෙහිදී ක්‍රියාත්මක වූ බවයි.

එහෙත්  නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඒ පිළිබඳව දරන්නේ වෙනත් මතයක්. මෙම තීරණය කිසිවෙකුත් පිළිනොගන්නා බව ඔහු සදහන් කළා.

නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ලේකම්වරුන් දෙදෙනා ඉවත් කිරීමේ තීන්දුව නිවැරදි නොකලහොත් පක්ෂය රැක ගැනීම සඳහා වෙනත් සැලසුමක් ගෙන එන බව නිදහස් පක්ෂයේ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා. දඹුල්ලේ දී ඊයේ (14) මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු සදහන් කළේ පක්ෂය තුළ සිදුවන ප්‍රජාතන්ත්‍ර  විරෝධී ක්‍රියාවන්ට තවදුරටත් ඉඩ දී බලා සිටිය නොහැකි බවයි.

කෙසේ වෙතත්, මෙම පත් කිරීම් ව්‍යවස්ථා විරෝධී බවයි නිදහස් සන්ධාන නීතිඥ මඩුල්ලේ සාමාජික නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ.

මේ අතර, නිදහස් පක්ෂ මූලස්ථානයේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ පස්වරුවේ ඉවත් කර ගැනුණා. ආරංචි මාර්ග සඳහන් කළේ ඉහළින් ලද නියෝගයකට අනුව මෙම තීරණය ගත් අතර එහි සේවය කළ සියලූ දෙනා ද එම ස්ථානයෙන් ඉවත් වූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories