Update : ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණොත් ඡන්දය ශූන්‍යයි - මැ.කො. #GenElecSL

Sunday, 16 August 2015 - 8:01

Update+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%81%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%23GenElecSL
ඡන්ද මධ්‍යස්ථාන තුළ සහ ඒ ආශ්‍රිතව ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වාර්තා වුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළා. ඊයේ (15) රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ සාමකාමී මැතිවරණයකට අවශ්‍ය සියලූ කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.



Update : Sunday, 16 August 2015 - 13:29
---------------------------------------------------
ඡන්දය ජාතික උත්සවයක් - මැතිවරණ කොමසාරිස් කියයි

මැතිවරණය යනු රටේ සියලූ දෙනා එක්ව සමගිව සැමරිය යුතු ජාතික උත්සවයක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඒ, හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමින්. මෙහිදී ප්‍රශ්න රැසකට මැතිවරණ කොමසාරිස්වරයා පිළිතුරු ලබා දුන්නා. අපේක්ෂකයන්ට වුවද ඡන්ද නීති කඩකළහොත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු වෙනසක් සිදු නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක ලේකම්වරුන් වෙනස්වීම පිළිබඳව ද මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කෙරුණා. ඔහු කියා සිටියේ තමන්ගේ තීරණය සුදුසු මොහොතේ ප්‍රකාශ කරන බවයි. ඡන්ද නීති කඩන අපේක්ෂකයන්ට දවල් කෑම පොලීසියෙනුත් රෑ කෑම බන්ධනාගාරයෙනුත් ලැබෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories