ගල්කිරියාගමට අයිස් වැසි

Sunday, 16 August 2015 - 13:13

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
කැකිරාව සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයකට ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළං හේතුවෙන් නිවාස 30කට හානි සිදුව තිබෙනවා. එමෙන්ම ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියට ද ගස් කඩා වැටීම නිසා හානි සිදුව ඇති බව සදහන්. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ශයට අයත් කලාගම - දඹේවටන - ගල්කිරියාගම - ලබුගලයාය ආදී ප්‍රදේශවලට මෙන්ම පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුබ්බෝගම, කටුකැලියාව සහ කාගම ආදී ප්‍රදේශවලට මෙම දැඩි සුළං හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

තද සුළං සහ වැසි සමඟ ගල්කිරියාගම ප්‍රදේශයට ඊයේ පස්වරුවේ අයිස් වැසි පතිත වී තිබෙනවා. ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ විනාඩි දෙකක පමණ කාලයක් වැසිත් සමඟ අයිස් පතිත වූ බවයි.

වව්නියාව ප්‍රදේශ කිහිපයකට ද ඊයේ පස්වරුවේ ධාරාණිපාත වර්ෂාව සමඟ දැඩි සුළං හේතුවෙන් නිවාස 6කට හානි සිදුව පුද්ගලයන් 27 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ද සුළං සමග ඇති වූ වැසි සමඟ නිවාස 50කට හානි සිදුවී පුද්ගලයින් 150 දෙනෙකුට පීඩා සිදුව ඇති බවයි.

මේ අතර, ඉදිරි කාලය තුළ මධ්‍යම කඳුකරය සහ දකුණු මුහුදු තීරය හරහා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories