Update: අතුරුදන්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවේ

Sunday, 16 August 2015 - 15:45

Update%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පුද්ගලයන් 54 දෙනෙකු සමඟ අතුරුදන්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් සොයාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. ට්‍රිගානා නමැති ගුවන් සේවාවට අයත් මෙම ගුවන් යානය ඊයේ අතුරුදන් වූයේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරතවෙමින් තිබියදීයි.

ඉන්දුනීසියාවට අයත් පැපුවා කලාපයේ සෙන්ටානි ගුවන්තොටුපලේ සිට ප්‍රාදේශීය අගනුවර වූ ඔක්සිබිල් වෙත ගුවන් යානය ගමන් ගෙන තිබෙනවා. එහෙත් ගුවන් තොටුපලෙන් නික්මී සුළුවේලාවකින් එය සමඟ සම්බන්ධතා ඇණහිටි බව සඳහන්.  ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවට අයත් පැපුවා ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයකින් හමුවූ බවයි. කෙසේ නමුත්, එහි දිවි ගලවා ගත් කිසිවෙකු සිටි බව මෙතෙක් හෙළිදරව් වී නැහැ.

කඳුකර ප්‍රදේශයකදී යානය අනතුරට ලක්වී ඇත්තේ අයහපත් කාලගුණයක් පැවති අවස්ථාවකදියි. මෙම යානය වසර 27 ක් පැරණි එකක් බව සඳහන්. 1991 වසරේදී ස්ථාපිත කෙරුණු ට්‍රිගානා ගුවන් සේවය අනතුරු 14 කට මුහුණදුන් අතර, එහිදී අහිමි වූ ගුවන් යානා සංඛ්‍යාව 10 ක්. එම ගුවන් සේවය යුරෝපා සංගමය මගින් 2008 වසරේදී අසාදු ලේඛනගත කර තිබෙනවා.

Update: Monday, 17 August 2015 - 7:56
---------------------------------------------

පුද්ගලයන් 44 දෙනෙකු සමඟ අතුරුදන්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් සොයාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. අභ්‍යන්තර ගුවන් ගමනක නිරතවෙමින් තිබියදී ට්‍රිගානා නමැති ගුවන් සේවාවට අයත් මෙම ගුවන් යානය අද අතුරුදන් වූයේ ඉන්දුනීසියානු වේලාවෙන් අද පස්වරු 3 ට පමණයි. ඉන්දුනීසියාවට අයත් පැපුවා කලාපයේ පිහිටි - සෙන්ටානි ගුවන්තොටුපලේ සිට ප්‍රාදේශීය අගනුවර වූ ඔක්සිබිල් වෙත ගුවන් යානය ගමන් ගෙන තිබෙනවා. එහෙත් ගුවන් තොටුපලෙන් නික්මී සුළුවේලාවකින් එය සමඟ සම්බන්ධතා ඇණහිටි බව සඳහන්.  ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවට අයත් පැපුවා ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයකින් හමුවූ බවයි.


Update: Sunday, 16 August 2015 - 19:20
---------------------------------------------

54 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන්ගමනේ නිරත වූ මගී ගුවන් යානයක් අද අතුරුදන්වී ඇති බව වාර්තා වනවා. පැපුවා නිව්ගිනියාවට ආසන්න දුරස්ථ පැපුවා කලාපයේදී යානය මෙලෙස අතුරුදන්වී ඇති බවයි ඉන්දුනීසියානු ජාතික ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ. ට්‍රිගානා නමැති ගුවන් සේවාවට අයත් මෙම යානයේ වැඩිහිටි පුද්ගලයන් 44 දෙනෙකු, ළමයින් 5 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ඉන්දුනීසියානු බලධාරින් ප්‍රකාශ කළා. ඉන්දුනිීසියානු වේලාවෙන් අද පස්වරු 3 ට පමණ යානය සමඟ සම්බන්ධතා ඇණ හිටි බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ. ඉන්දුනීසියාවට අයත් පැපුවා කලාපයේ පිහිටි - සෙන්ටානි ගුවන්තොටුපලේ සිට ප්‍රාදේශීය අගනුවර වූ ඔක්සිබිල් වෙතයි ගුවන් යානය ගමන් ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories