මෑත ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙයයි. - නිරීක්ෂකයින් කියයි #GenElecSL

Monday, 17 August 2015 - 19:28

%E0%B6%B8%E0%B7%91%E0%B6%AD+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+++%23GenElecSL
මෑත ඉතිහාසයේ වාර්තා වූ සාමකාමී මැතිවරණය මෙය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද දිනයේ ඡන්දයට අදාළව පැමිණිලි 120ක් ලැබුණු නමුත් ඒවා මැතිවරණයට බලපෑම් එල්ල කළ හැකි සිද්ධීන් නොවන බවයි.

මේ අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සමස්ත මැතිවරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. ඊට එක්වූ එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක කියා සිටියේ අද දිනය තුළ තම සංවිධානයට පැමිණිලි 294ක් වාර්තා වූ නමුත් ඉන් 198ක්ම සුළු සිද්ධීන් බවයි.

කෙසේ වෙතත්, අද පැවැති මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ද ඔහු තවදුරටත් සදහන්කළා.  

මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 35 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු  විපක්ෂ නායකවරයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මුන්දලම පොලීසිය අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවේ මුන්දලම සිංහල මහා විද්‍යාලය ඉදිරිපිටදී මැතිවරණ අපේක්ෂකයෙකුගේ අත්පත්‍රිකා බෙදමින් සිටියදියි.

එමෙන්ම රඹුක්කන - දොඹේමඩ කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී අපේක්ෂකයෙකුගේ අංක සහ සළකුණු සහිත කාඞ් බෙදමින් සිටි අපේක්ෂකයෙකුගේ සොහොයුරන් දෙදෙනෙකුද පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories