'මහලේකම් මමයි' - විශ්වා, 'නීත්‍යානුකූල මමයි'- සුසිල් .... සන්ධාන ලේකම් අර්බුදය

Tuesday, 18 August 2015 - 22:29

%27%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%27+-+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%2C+%27%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD++%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%27-++%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+....+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA
ප්‍රධාන පක්ෂ දෙකම සිය ජාතික ලයිස්තු සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවට වාර්තා වනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් කඩිනමින් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පෙරේදා පැවති මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂ ලබා ගත් ජන්ද සංඛ්‍යාව අනුව ජාතික ලයිස්තු මන්ත්‍රීධුර බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රීධුර 13ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 12ක්.

ජනතා විමුක්ති පෙරමුණට සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ජාතික ලයිස්තු මන්ත්‍රීධුර  02 බැගින් හිමි වුණා.

මහ ලේකම් අර්බුදය හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයද මේ දක්වා සිය ජාතික ලයිස්තුව පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැහැ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ හෙට හෝ අනිද්දා  මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බවයි.

නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුව සකස් කරන්නේ තමන් බව එම සන්ධානයේ වැඩබලන මහ ලේකම් විශ්වා වර්ණපාල සඳහන් කළා. ඒ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සමඟ ඊයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.



මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ත ද සඳහන් කළේ තවමත්  නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා තමන් බවයි.  

ජනතා විමුක්ති පෙරමුණ  සහ ඉගංගෙයි තමිල් අරසු පක්ෂය ද මේ දක්වා ඔවුන්ගේ ජාතික ලයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දී නැහැ.  

මේ අතර මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් බොහෝ දුරට අද ගැසට් කරනු ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. දැනට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඒ ඒ දිස්ත්‍රික්කවලින් ෆැක්ස් මඟින් ගෙන්වා ගෙන ඇති බව ද එම ප්‍රකාශකයා  කියා සිටියා.

Update : Wednesday, 19 August 2015 - 11.00
.................................................................................

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සකස් කරන්නේ තමන් බව එම සන්ධානයේ වැඩබලන මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල  පවසනවා. කෙසේ වෙතත් එම සන්ධානයේ නීත්‍යානුකූල  මහ ලේකම් තමන් බව සුසිල් ප්‍රේම්ජයන්ත්  අද (18) මැතිවරණ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories