දෑත් අහිමිව උපන් සිය දියණිය දෙමව්පියන් ප්‍රතික්ෂේප කරයි

Thursday, 20 August 2015 - 8:51

%E0%B6%AF%E0%B7%91%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දෑත් අහිමිව උපත ලැබූ බිළිඳියක් ඇයගේ මව්පියන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තාවකාලිකව ළමා නිවාසයකට භාරදීමට පානදුර මහේස්ත්‍රාත්වරයා ඊයේ කටයුතු කළා. පානදුර - කේතුමතී රෝහලේදී මෙම බිළිඳිය උපත ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි. කෙසේ වෙතත් ඇය උපදින විට දෑත් අහිමිව සිටීම හේතුවෙන් එය ඇගේ මවට මානසික පීඩනයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් තමන් හට දරුවා භාරගැනීමට නොහැකි බව බිළිඳියගේ පියා රෝහල් බලධාරීන්ට දැනුම්දී ඇති බව සඳහන්. ඒ අනුවයි රෝහල් බලධාරීන් මේ පිළිබඳව පොලීසියට කරුණු පැහැදිළි කර ඇත්තේ. ඉන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු බිළිඳිය ළමා නිවාසයකට භාරදීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර රත්නපුර - බලන්ගොඩ - තිත්තමලූව ප්‍රදේශයේ කුඹුරු යායක තිබී දින තුනක් පමණ වයසැති බිළිඳියකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම බිළිඳු මළ සිරුර ඊයේ සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ. සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව බිළිඳියගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories