Update: මෙරට 23වන අග්‍රාමාත්‍යවරයා ලෙස එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Thursday, 20 August 2015 - 19:26

Update%3A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+23%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ 23වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා. දිවුරුම්දීමේ උත්සවය පැවතුණේ ජනාධිපති කාර්යාලයේදීයි. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියා.

අග්‍රාමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමේ ලිපියට අත්සන් තැබීමෙන් අනතුරුව, නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් ප්‍රකාශය සිදුකළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට අග්‍රාමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ සිව්වන වතාවට වීම ද විශේෂත්වයක්.

ඔහු ප්‍රථමවරට 1993 වසරේ මැයි 7 වන දා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර පසුව 2001 වසරේ දෙසැම්බර් 19 වන දා දෙවන වතාවට අගමැතිවරයා ලෙස පත්වුණා.

මේ වසරේ ජනවාරි 9 වන දා යළි මෙරට අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද සිව් වන වතාවට යළි එම ධුරයේ දිවුරුම් දුන්නා.

මීට පෙර ලෝක ඉතිහාසයේ සිව් වරක් අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ මීට වසර 121 කට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කළ විලියම් එවර්ට් ග්ලැඞ්ස්ටන් පමණයි.

1949 වසරේ මාර්තු 24 වනදා උපත ලැබූ රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. මෙරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා අග්‍රාමාත්‍ය ධුරය හොබවන එකම පුද්ගලයාද වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

1977 දී බියගම ආසනය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එතැන් සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයාද වනවා.

එවකට ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ළාබාලම අමාත්‍යවරයා ලෙස ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැදින්විය හැකියි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තුළ තරුණ කටයුතු සහ රැකීරක්ෂා, අධ්‍යාපන, කර්මාන්ත සහ විද්‍යා තාක්ෂණ යන අමාත්‍ය ධුර හෙබ වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වුණේ 1994 වසරේදීයි. එතැන් සිට මේ දක්වා වසර 21 ක් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනවා.

















































10.15 AM :
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හසීම් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක අත්සන් කරන ලදී.

10.12 AM :
ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දෙනු ලබයි

10.05 AM :
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙයි.

9.45 AM
: තව සුළු මොහොතකින් නව රජයේ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීම ආරම්භ වේ.

8.00 AM : නූතන ප්‍රජාතන්ත්‍රවාදය යනු එක් පක්ෂයක් විසින් රට පාලනය කිරීම නොව පක්ෂ රැසක මෙන්ම සිවිල් සමාජය හා එක්ව කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. අද නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම දැන් පවතින අභියෝගය බවයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව ද එක්විය යුතු බව නුගේගොඩ - නාලන්දාරාමයේ ඊයේ (20) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 10 ට සිදුකිරීමට නියමිතයි. නව අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා දිවුරුම් දෙනු ඇති.

Update : Friday, 21 August 2015 - 7:47
--------------------------------------------------------
නව රජයේ නව අගමැති ලෙස රනිල් හෙට දිවුරුම් දෙයි

පසුගියදා පැවති මහමැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීම හෙට (21) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි. මෙරට 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන අතර, ඔහු මීට පෙර තුන් වතාවක් අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබෙනවා. ඒ 1993, 2001 සහ 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමයි. අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාමයේ සහ හෙට (21) උදෑසන කොළඹ - හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් සඳහා ද සහභාගි වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories