නීතීඥ ක්‍රිෂ්මාල්ගෙන් ජවිපෙට විරෝධය

Friday, 21 August 2015 - 8:18

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
ජනතා විමුක්ති පෙරමුණ මගින් තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා පත්කල පුද්ගලයන් පිළිබඳව එම ලැයිස්තුවට කලින් නම් කළ නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය තම විරෝධය පළ කළා. ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවට තේරීපත්වීමට හැකියාව තිබූ ජවිපෙ අපේක්ෂකයන් ඒ සඳහා අසමත්වීම පිළිබඳව සංවාදයක් සිදුකළ යුතුව තිබූ බවයි.

විද්වතුන් සහ කලාකරුවන් පිරිසක් ජාතික ලැයිස්තුවට නම් කර ජනතාව අතර මතයක් ගොඩනැගීමෙන් පසු එය වෙනස් කිරීම පිළිබඳව තම විරෝධය පළ කළ බවත්, නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් විමසූ අතර ඔහු එහිදී කියා සිටියේ පසුව පිළිතුරක් ලබාදෙන බවයි. ජනතා විමුක්ති පෙරමුණ මගින් කලින් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් වූයේ හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේයි. එහි දෙවැන්නා ලෙස නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය නම් කර තිබුණා. එහෙත්, ජනතා විමුක්ති පෙරමුණ මගින් තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා සරත්චන්ද්‍ර මායාදුන්නේ සමඟ නම් කළේ මහමැතිවරණයේදී පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්තියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories