පළමු කැබිනට් රැස්වීමට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පිළිබඳ යෝජනා

Friday, 21 August 2015 - 8:22

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
දේශීය ආහාර නිෂ්පාදනයන්ට, පරිසර සංරක්ෂණයට, මත්ද්‍රව්‍ය නිවාරණයට සහ වකුගඩු රෝග නිවාරණය සඳහා ආරම්භ කිරීමට නියමිත ජාතික වැඩසටහන්වලට අදාළ යෝජනා පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එම වැඩසටහන්වලට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායන්වල සාමාජියන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකට එක්වෙමින්. වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය ඊට අදාළ අධ්‍යක්ෂවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා වෙත එහිදී ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අහරින් ස්වයංපෝෂිත කරන දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, කෘෂිකර්ම පර්යේෂණ, ගුණාත්මක යෙදවුම්, කාර්යක්ෂම අලෙවි ජාලයක් වැනි ඒකක ඒ යටතේ ක්‍රියාවට නැංවෙනවා. පරිසර හානියට දැඩිලෙස බලපා ඇති පොලිතින් භාවිතය සීමා කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. දැවැන්ත සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති වකුගඩු රෝග නිවාරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙන්ම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙම සියලූ වගකීම් එක් අමාත්‍යාංශයකට හෝ ආයතනයකට සීමා නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සියලූදෙනා එක්ව රටේ අනාගතය වෙනුවෙන් මෙම වැඩසටහන් ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories