Update: එජාපය සහ නිදහස් පක්ෂය අතර පක්ෂ මාරුවට වැට

Friday, 21 August 2015 - 13:25

Update%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7
වසර දෙකක කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයන්ට පක්ෂ දෙක අතර පක්ෂ මාරු කිරිමට ඉඩ නොදීමට අද (21) එකඟතාවක් ඇති වුණා. ඒ, එම පක්ෂ දෙකේ ප්‍රධාන ලේකම්වරුන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමත් සමඟයි. ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ  නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක අද අත්සන් තැබුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුවයි.

මෛත්‍රී  පාලනයකට ශක්තිමත්ව ස්ථාවර ආණ්ඩුවක් උදෙසා වන මෙම අවබෝධතා ගිවිසුම කරුණු 10කින් සමන්විතයි.

ආර්ථිකය දියුණු කිරීම, නිදහස තහවුරු කිරීම, දුෂණය තුරන් කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඉහළ නැංවීම, විදේශ සබඳතා, කාන්තා හා ළමා අයිතින්, කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම ආදී කරුණු ද ඊට ඇතුළත්.

සමාජ වෙළඳපොළ ආර්ථිකය යටතේ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම ද එහි අරමුණක්.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පරිසර සංරක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

රැකියා දස ලක්ෂයක් ස්ථාපිත කෙරෙන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් ජාතික ආර්ථිකයේ නියාමන බලවේගය වනු ඇති.

කුඩා ඉඩම් හා නිවාස වෙනුවෙන් ලබාදී ඇති රජයේ අවසර පත්‍ර  වෙනුවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිතයි.

යහපාලන මූලධර්ම ඉදිරියට ගෙන යන අතර 19 වන සංශෝධනයට අනුකූලව කොමිෂන් සභා කඩිනමින් ස්ථාපිත කෙරෙනු ඇති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් ලෙස ක්‍රියා කරනවා. පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ ආණ්ඩුකරණයට සහභාගි විය හැකි සම්මුතිවාදී රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට නියමිතයි.

විධායක ජනාධිපති ක්‍රමය සමාලෝචනය කර පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කෙරෙන බව ද එහි සඳහන්.

සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයෙකු හිමි වන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ කේවළ හා සමානුපාතික ක්‍රමවල සම්මිශ්‍රණයකින්.

දූෂණ මැඬ පැවැත්වීමේ ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරෙන අතර ජාතික විගණන පනත හා තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කෙරෙනවා.

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන් කෙරෙන මුදල සියයට 6ක්. සෞඛ්‍ය සඳහා සියයට 3 දක්වා වෙන් කිරීමට ක්‍රමානුකූලව කටයුතු කෙරෙනු ඇති.

එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ එක්ව ක්‍රියා කරන සම්මුතිවාදී ආණ්ඩුව, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙන බවත් එහි සඳහන්.

කාන්තාවන්ට එරෙහි සියලූ වෙනස්කම් තුරන් කිරීමේ ජගත් ප්‍රඥප්තියට අනුකූල නීති රීති සැකසෙනවා.

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ලිංගික අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති.

පළාත් පාලන නියෝජිතයින්ගෙන් සියයට 25ක් ද පළාත් සභා සහ පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සියයට 15ක් ද කාන්තාවන්ට වෙන් කිරීමට නියමිතයි.

කලාකරුවන්ට ස්වාධීන නිර්මාණකරණයට අවශ්‍ය නිදහස සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බව ද ගිවිසුමේ ඇතුළත් තවත් එකඟතාවක්.

එසේම එළඹෙන වසරේ යෙදෙන - 'මහාමාන්‍ය ඞී.එස්. සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ' 70 වන සංවත්සරය සහ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් 1956 සිදුවූ පරිවර්තනයේ 60 වන සංවත්සරය සැමරීමට සියලූ පහසුකම් සලසනු ඇති.

කෙසේ වෙතත්, ඉහත සියලූ කරුණු පිළිබඳ මූලික එකඟතාවට එළඹීමෙන් පසු තවදුරටත් සාකච්ඡාකර සම්මුතියකට එළඹීමට ද නියමිතයි.





Update : Friday, 21 August 2015 - 18:13
------------------------------------------------

වසර දෙකක සම්මුතිවාදී පාලනයේ ගිවිසුමට අත්සන් තැබේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම ධුරයේ දිවුරුම්දීමෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා අත්සන් තැබීම සිදුවුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක අතරයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමේ කරුණු 10 ක් සඳහන් වනවා. වසර දෙකක කාලයක් සඳහා වලංගු වන මෙම ගිවිසුමේ කාලය, එකඟතාව මත තවදුරටත් දීර්ඝ කර ගත හැකි බව එහි සඳහන්. කෙසේ වෙතත්, ගිවිසුම පවතින කාලය තුළ අදාළ පක්ෂ දෙකේ ජනතා නියෝජිතයන්ට පක්ෂ දෙක අතර පක්ෂ මාරු කිරීමට ඉඩ නොදීමට දෙපාර්ශවය එකඟ වී තිබෙනවා. ගිවිසුමේ 10 වන කරුණ ලෙස දක්වා ඇත්තේ මුල් කරුණු නවය පිළිබද මූලික එකඟතාවයට එළඹීමෙන් පසු තවදුරටත් සාකච්ඡාකොට සම්මුතියකට එළඹෙන බවයි.

 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories