පැරදුණු 7ක් ඇතුළට යන සන්ධානයේ ජාතික ලැයිස්තුව මෙන්න

Friday, 21 August 2015 - 17:08

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+7%E0%B6%9A%E0%B7%8A++%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පැරදුණු 7කට සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර.

මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අද (21) නම් කර තිබෙනවා. ඊට මැතිවරණයට තරඟ කර පරාජයට පත්වු 07 දෙනෙකුගේ නම් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදුන් ලැයිස්තුවේ ඇතුළත් වූ පස් දෙනෙකු පමණයි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කර ඇත්තේ.

සන්ධානයේ පරාජිත අපේක්ෂකයින් පිරිසක් වන
 
01 විජිත් විජයමුණි සොයිසා,
02 එස්.බී.දිසානායක,
03 මහින්ද සමරසිංහ,
04 ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
05 තිලංග සුමතිපාල,
06 අංගජන් රාමනාදන් සහ
07 එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කර තිබෙනවා.

08 සරත් අමුණුගම,
09 ඩිලාන් පෙරේරා,
10 මලිත් ජයතිලක,
11 ෆයිසර් මුස්තාෆා,
12 ඒ.එච්.එම්.ෆවුසි

ජාතික ලැයිස්තුවෙන් නම් කර ඇති සෙසු මන්ත්‍රීවරුන්.

ඡන්දයට පෙර  ලැයිස්තුවට ඇතුළත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන

01 මහාචාර්ය ජී.එල්.පීරිස්,
02 ඩිව් ගුණසේකර,
03 මහාචාර්ය තිස්ස විතාරණ,
04 තිස්ස අත්තනායක,
05 ජේ. ශ්‍රී රංගා,
06 රෙජිනෝල්ඞ් කුරේ,
07 ජීවන් කුමාරණතුංග,
08 ටිරාන් අලස්,
09 මහාචාර්ය රජීව් විජේසිංහ,
10 ප්‍රභා ගනේෂන්  

      මෙන්ම
                      
11 පියසිරි විජේනායක,
12 මෙහොමඞ් මුසම්මිල්,
13 ලෙස්ලි දේවේන්ද්‍ර,
14 ගෙවිඳු කුමාරණතුංග
                                        ඇතුළු කිහිප දෙනෙකු ද සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර නැහැ.

එක්සත් ජාතික පක්ෂයද ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා පත් කෙරෙන පුද්ගලයින් 13 දෙනාගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද (21) ඉදිරිපත් කළා. එම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ මැතිවරණයට තරඟ කර පරාජයට පත්වු කිසිදු අපේක්ෂකයෙකුගේ නම් ඇතුළත් වී නොතිබීමයි.

 ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර සඳහා
 
01  මලික් සමරවික්‍රම -එක්සත් ජාතික පක්ෂයේ සභාපති
02 කරූ ජයසූරිය - හිටපු අමාත්‍ය
03  ඞී.එම්.ස්වාමිනාදන් -නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණ හා හින්දු කටයුතු අමාත්‍ය
04  අනෝමා ගමගේ -වාරිමාර්ග නියෝජ්‍ය ඇමති
05 ජනාධිපති නීතිඥ තිලක් මාරපන - හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙක්
                                
                   ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර තිබුණා.

 එසේම

06 සිරිනාල් ද මෙල් - ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
07 මහාචාර්ය ආශු මාරසිංහ
08 ජාතික හෙළ උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්
09 එම්.කේ.ඒ.ඞී.එස්.ගුණවර්ධන - ඉඩම් අමාත්‍ය
10 වමේ කේන්ද්‍රයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

11 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආචාර්ය ඒ.ආර්.වී.හෆීස්,
12 එම්.එස්.සලමන්
13 සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්.එච්.එම්. නවාවි
 
                            එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර සඳහා නම් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණද තමන්ට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුර දෙක සඳහා පුද්ගලයින් නම් කර අවසන්. ඒ අනුව

01 හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ
02 මැතිවරණයට තරඟ පරාජයට පත්වු සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයාද

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කළා.

ජාතික ලැයිස්තුවෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට හිමි මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ පක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන සාකච්ජාවකින් අනතුරුව එම නම් ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත්, මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම වළක්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එහි ජාතික සංවිධායක ගෙවිඳු කුමාරණතුංග මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.




Update : Friday, 21 August 2015 - 18:13
------------------------------------------------

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව  නම් කර තිබෙනවා. මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට නොහැකිව පරාජයට පත්වූ පිරිසක් ද ඊට ඇතුළත්.


01 සරත් අමුණුගම
02 ඩිලාන් පෙරේරා
03 විජිත් විජිතමුණි සොයිසා
04 එස් බී දිසානායක
05 මහින්ද සමරසිංහ
06 ලක්ෂ්මන් යාපා අබේවර්ධන
07 තිලංග සුමතිපාල
08 අංගජන් රාමනාදන්
09 එම් එල් ඒ එම් හිස්බුල්ලා
10 මලිත් ජයතිලක
11 ෆයිසර් මුස්තාපා
12 ඒ එච් එම් ෆවුසි



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories