මිතුරු සබඳතාව දෙරටටම වැදගත් - නව අගමැතිට සුබ පතමින් චීන අගමැති කියයි

Saturday, 22 August 2015 - 13:26

%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චීනය සහ ශ්‍රී ලංකාව අතර, මිතුරු සබඳතාව දෙරටටම වැදගත් වන මූලික අභිලාශයක් බව චීන අග්‍රාමාත්‍ය ලී කෙචියෑන් පවසනවා. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් එක් කරමින් චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර, මිතුරු සබඳතා කාලාන්තරයක් තිස්සේ වර්ධනය වූ බවයි. පසුගිය කාලය තුළ එම සබඳතාවල වැඩි දියුණු වීමක් දක්නට ලැබුණා. එය දෙරටේම ජනතාවට ප්‍රතිඵලදායක වූ බවයි චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. එය චීන සහ ශ්‍රී ලංකා ජනතාවගේ අපේක්ෂාවක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවලට චීනය ලබාදෙන්නේ ප්‍රමුඛස්ථානයක්. ද්වි පාර්ශවික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ලක් රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී කෙචියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සුබ පතමින් සඳහන් කර ඇත්තේ කලාපයේ සාමය, ප්‍රගතිය සහ සශ්‍රීකත්වය උදෙසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා වැදගත් වන බවයි. ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. මේ වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ඓතිහාසික දේශපාලන පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා මෙම මැතිවරණය මගින් ජනතා වරමක් ලැබී ඇති බව බංග්ලාදේශ අගමැතිනිය කියා සිටියා.

නව අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කරමින් මෙරට යුරෝපා සංගම් ධුත කාර්යාලය ප්‍රකාශ කළේ මහමැතිවරණය සාර්ථක ලෙස පැවැත්වීම පිළිබඳව සතුට පළ කරන බවයි. නව පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කර ගැනීමේ ක්‍රියාවලිය මනා පරිපාලනයකින් යුතුව සිදුවූ බවත්, එමගින් අවධාරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories