ටී.එන්.ඒ. අද විශේෂ හමුවක්

Saturday, 22 August 2015 - 13:38

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගේ විශේෂ හමුවක් අද පස්වරුවේ ත්‍රිකුණාමලය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ, එම සන්ධානයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම සම්බන්ධයෙන්. මෙම හමුවට දෙමළ ජාතික සන්ධානයට අයත් ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ් සහ තමිල් ඉලංගෙයි අරසු පක්ෂවල නියෝජිතයින් සහභාගිවීමට නියමිතයි.

යාපනය දිස්ත්‍රික්කයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ විනෝනෝග රාධලිංගම් ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව වෙත ඇතුළත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක පත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තියෙන්නේ ගැටළුකාරී තත්ත්වයක්. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටයි මෙලෙස අද දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමුවන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවට මහාචාර්ය සී.කේ. සිදම්බරන්, මහාචාර්ය නජ්ජියාර් සෙල්වනායගම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීසොලමන් සිරිල්, හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී මේරි කමලා ගුණසීලන්, මයිල්වාගනම් දේවරාජන්, කනග නමනාදන්, ඇන්තනී පිල්ලෙයි මාරිඅම්මා, අරුණාසලන් සහ එස්.එස්. කුලනායගම් යන අය ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories