ඇමතිකම් බෙදා ගැනීම ගැන තවම තීරණයක් නෑ

Saturday, 22 August 2015 - 19:31

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් සඳහා වන සාකච්ඡාවල තවත් අදියරක් හෙට (23) ක්‍රියාත්මක වනවා. මෙහිදී අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ඊට අදාළව යෝජනා කිහිපයක් මීට පෙර ඉදිරිපත් වී තිබුණා.

ඒ අනුව අමාත්‍ය ධුරවලින් සියයට 45 ක් නිදහස් පක්ෂයටත් සියයට 55 ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිවන අයුරින් අමාත්‍ය ධුර වෙන් කර ගැනීම එක් යෝජනාවක්.

පසුව, කැබිනට් අමාත්‍යධුර 15 ක් හෝ 17 ක් නිදහස් පක්ෂයට ලබාදීම සඳහා දෙපාර්ශවය එකගත්වයකට පැමිණි බව සාකච්ඡා  සඳහා එක්වූ  නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපතිවරයාගේ නීති උපදේශකවරයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව ඉහළ නැංවීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවයි.  

මේ අතර, ඊයේ (21) රාත්‍රියේ ද දෙපාර්ශවයේ නියෝජිතයන් කොළඹ  - කැප්පෙටිපොල මාවතේ, ජනාධිපති නිල නිවසට රැස් වී ජාතික ආණ්ඩුව සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාකර තිබෙනවා. ඉන්  අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් කියා සිටියේ ජාතික ආණ්ඩුවක් තුළ රටේ දියුණුව වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට තම පක්ෂය  ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.

ජාතික ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තුව යථාර්ථයක් කර ගන්නා බව සාකච්ඡාවට එක්වූ නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories