Update: 2000 ක් මධ්‍යධරණී මුහුදේදී බේරාගැනේ

Sunday, 23 August 2015 - 10:53

Update%3A+2000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රාවල සිටි නීතිවිරෝධී සංක්‍රමනිකයන් 2000කට අධික පිරිසක් ඊයේ දිනයේදී බේරාගෙන තිබෙනවා. ඉතාලි වෙරළාරක්ෂකයන් ප්‍රකාශ කළේ එය එක් දිනක් තුළ සිදුකළ දැවැන්තම ජීවිතාරක්ෂක මෙහෙයුම බවයි. අනාරක්ෂිත සංක්‍රමණික යාත්‍රා  20 කින් පමණ ඊයේ දිනයේදි හදිසි ඇමතුම් ලැබී තිබෙනවා.

ඉතාලි වෙරළාරක්ෂකයන් බේරාගත් යාත්‍රා දෙකක පුද්ගලයන් 939 දෙනෙකු සිටි බව සඳහන්.

ජීවිතාරක්ෂක කණ්ඩායම් රැසක් සංක්‍රමණික යාත්‍රාවල සිටි පුද්ගලයන් බේරාගැනීමට කටයුතු කළ අතර, දේශසීමා නොමැති වෛද්‍යවරුන් සංවිධානය සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයන් 311 දෙනෙකු බේරාගත්තේ අලූත උපන් බිළිඳෙකුද සමඟයි.

උතුරු අප්‍රිකාවේ සිට අනාරක්ෂිත බෝට්ටුවල නැගී යුරෝපයට ඇතුලූවීමට තැත් කළ 2000කට අධික පිරිසක් මේ වසරේදී ජීවිතක්ෂයට පත්වුණා.

වසර තුළ මේ දක්වා නීතිවිරෝධී සංක්‍රමණිකයන් දෙලක්ෂ 64 දහස් 500 ක් මධ්‍යධරණී මුහුද තරණය කොට යුරෝපයට ඇතුලූ වී තිබෙනවා. ඉන් එක්ලක්ෂ හාර දහසක් පමණ ඉතාලියට පැමිණි අතර, එක්ලක්ෂ හැටදහසක් සංක්‍රමණිකයන් පැමිණ ඇත්තේ ග්‍රීසියටයි.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories