පසුගිය අගෝස්තු 21 වනදා දහවල් කුරුණෑගල කොළඹ පාරේ පිහිටි වෙළඳසැලකට කඩා වැදී එහි හිමිකරුට සහ තවත් අයෙකුට පහරදුන් සිද්ධියට අදාළ සැකකරුවන් හත්දෙනෙකු පොලීසිය ඊයේ (22) අත්අඩංගුවට ගත්තා.
එම සිද්ධියේදී තුවාල ලැබූ පුද්ගලයන් පසුව රෝහල් ගතකෙරුණා.
පැෆ්රල් සංවිධානය පවසන්නේ අදාළ සිද්ධියේ පහරකෑමට ලක්වූ පාර්ශවය තමන්ගේ දේශපාලන මතයට එරෙහිව මෙම පහරදීම සිදුකළ බවට ප්‍රකාශ කර ඇති බවයි.
මේ අතර තුවාල ලබා පුද්ගලයන් දෙදෙනාගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (22) කුරුණෑගල රෝහල වෙත පැමිණියා. හිටපු ජනාධිපතිවරයා රෝහලෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙය නිවට ප්‍රතිචාරයක් බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි කැබ් රථයද පොලීසිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Follow US
Most Viewed Stories