තුන්වන විප්ලවයකට මල්වතු මහ නාහිමිගෙන් අගමැතිවරයාට ඇරයුම්.

Sunday, 23 August 2015 - 13:21

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා වහන්සේ වැඳපුදාගැනීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අද (23) පෙරවරුවේ පැමිණියා. එහිදී පළමුව අස්ගිරි මහා විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා  අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. අග්‍රාමාත්‍යවරයාට පිරිත් දේශනා කර පිරිත් නූල් ගැටගසා උන්වහන්සේ සිය ආශිර්වාදය පළ කළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

 ශ්‍රී දළදා මාළිගාවේ පැවති ආගමික වතාවත්වලින් පසු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මල්වතු මහා විහාරයට පැමිණියා. අග්‍රාමාත්‍යවරයා එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ආශිර්වාදය ලබාගත්තා. එම අවස්ථාවේදී මහ නායක හිමියන් අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ විප්ලව දෙකක් සිදුකර අවසන් වුවත් තුන්වන විප්ලවයක්ද සිදුකිරීමට ඇති බවයි. ගොවි ජනතාවට සහන ලබාදෙමින් ග්‍රාමීය සංවර්ධනය කඩිනම් කිරීමයි මල්වතු මහ නාහිමියන් මෙහිදී තුන්වන විප්ලවය ලෙස හඳුන්වා ඇත්තේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහනුවර - මැණික්හින්න - හොරේතුඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරයේදී රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන්ද අද පස්වරුවේ බැහැදැකීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories