Update: ගෝඨාගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි

Monday, 24 August 2015 - 10:34

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම අද පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා. අද පෙරවරු 10යේ සිට පස්වරු 4 දක්වා මෙම ප්‍රකාශය ලබා ගත් බවයි බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් පාර්ලිමේන්තු හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

රක්නාලංකා සමාගමේ සේවකයන් 500 දෙනෙකු පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට යොදා ගැනීම එම පැමිණිල්ලෙහි පළමු චෝදනාවයි. එම සේවකයන් 500 දෙනාගේ පුරප්පාඩුවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 දෙනෙකු බඳවාගෙන, එම දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම වෙනුවට වෙනත් නිල ඇඳුමක් එම නිලධාරීන්ට ලබාදීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුලියට ලබාදීම අනෙක් චෝදනා දෙක වනවා.  



Update: Monday, 24 August 2015 - 19:26
--------------------------------------------------
ගෝඨා බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසම හමුවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (24) පෙරවරු 10 ට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා. ඒ, රක්නාලංකා සමාගම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. රක්නාලංකා සමාගමේ සේවකයන් 500 දෙනෙක් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට යොදාගැනීම සහ එම සමාගමට අයත් අවි ආයුධ කුලියට දීම ඇතුලූ කරුණු 3 ක් සම්බන්ධයෙන් මෙම ජනාධිපති විමර්ශන කොමිසමට  පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories