තුන්දෙනෙක් හදිසියේ ඇමති ධුර වල දිවුරුම් දෙයි

Monday, 24 August 2015 - 11:56

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අන්තර්ජාතික සමුළු 3 කට සහභාගිවීමට නියමිත බැවින් අමාත්‍යවරුන් තුන්දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මේ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ දිවුරුම් දුන්නා. නැවත පදිංචිකිරීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඞී.එම්. ස්වාමිනාදන්.

මේ අතර ජාතික ආණ්ඩුවේ ඇමති ධුර පිරිනැමෙන්නේ පුද්ගල අවශ්‍යතා මත නොව රටේ අවශ්‍යතාව මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරු දිවුරුම්දීම මේ සතියේදී සිදුවනු ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් මහලේකම්වරයා කියා සිටියේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය නිදහස් පක්ෂයට හිමිවනු ඇතැයිද ඔහු සඳහන් කළා.

දිවුරුම් දුන් ඇමතිවරු මෙසේය.

මංගල සමරවීර - විදේශ ඇමැති
ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම් ඇමැති
විජයදාස රාජපක්ෂ - අධිකරණ ඇමති
















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories