Update: නිල්වලා පැන්න භික්ෂූන් වහන්සේ තාම නැහැ

Tuesday, 25 August 2015 - 14:23

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මාතර - බණ්ඩත්තර පාලම අසළින් ඊයේ (25) උදෑසන නිල්වලා ගඟට පැන දිවි නසාගත් බවට සැක කෙරෙන හිමිනමගේ දේහය මෙතෙක් හමුවී නැහැ. පොලීසිය සඳහන් කළේ අදාළ භික්ෂූන් වහන්සේ සෙවීම සඳහා නාවික හමුදාව අද පෙරවරුවේ සිට යළි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. උන්වහන්සේගේ බවට සැක කෙරෙන සිවුරක්ද නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම විසින් ඊයේ පස්වරුවේ සොයාගත්තා. ඒ, උන්වහන්සේ නිල්වලා ගඟට පැන්න බවට සැක කෙරෙන ස්ථානයට ආසන්න ගඟ පතුලේ තිබියදියි. මෙම  භික්ෂූන් වහන්සේගේ වයස අවුරුදු 81ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ ගාල්ල - බද්දේගම - කීඹිඇල වයෝවෘද්ධ භික්ෂු විවේකාශ්‍රමයේ වාසය කර ඇති අතර, පසුගියදා එම හිමිනමගේ නිවස පිහිටි මාතර - නාදුගල ප්‍රදේශයට පැමිණ තිබුණා. මීට පෙර උන්වහන්සේ විහාරස්ථාන 18 ක පමණ වැඩවාසය කර තිබෙනවා.

Update : Wednesday, 26 August 2015 - 07.10
----------------------------------------------------

අවුරුදු 81ක භික්ෂූන් වහන්සේ නමක් නිල්වලා ගඟට පනී

මාතර - බණ්ඩත්තර පාලම අසළින් භික්ෂූන් වහන්සේ නමක් අද (25)උදෑසන නිල්වලා ගඟට පැන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ භික්ෂූන් වහන්සේ සෙවීම සඳහා නාවික හමුදාවේ සහාය ද ලබාගෙන ඇති බවයි. මෙම හිමිනමගේ බවට සැක කෙරෙන සිවුරක්ද නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම විසින් අද පස්වරුවේ සොයාගත්තා. ඒ උන්වහන්සේ නිල්වලා ගඟට පැන්න බවට සැක කෙරෙන ස්ථානයට ආසන්න ගඟ පතුලේ තිබියදියි.

ඊයේ රාත්‍රියේ ද උන්වහන්සේ බණ්ඩත්තර පාලමින් ගඟට පැනීමට උත්සාහ දරා තිබූ අතර, පුද්ගලයෙකු පැමිණ එය වළක්වා තිබුණා. කෙසේ වෙතත්, අද උදෑසන සිය ඥාති සොහොයුරෙකුට තම හැඳුනුම්පත හා කුඩය ද භාර දී පාලම අසළින් ගඟට පැන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. අදාළ භික්ෂූන් වහන්සේගේ වයස අවුරුදු 81ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙම භික්ෂූන් වහන්සේ ගාල්ල - බද්දේගම - කිහිඹිඇල භික්ෂු විවේකාශ්‍රමයේ වාසය කර ඇති අතර පසුගියදා එම හිමිනමගේ නිවස පිහිටි මාතර -නාදුගල ප්‍රදේශයට පැමිණ තිබුණා. මීට පෙරද උන්වහන්සේ විහාරස්ථාන 18 ක පමණ වැඩවාසය කර තිබෙනවා.

Update : Teuday, 25 August 2015 - 18:40
----------------------------------------------------

මාතර - බණ්ඩත්තර පාලම අසළින් භික්ෂූන් වහන්සේ නමක් ගඟට පැන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ භික්ෂූන් වහන්සේ සෙවීම සඳහා මේ වන විට නාවික හමුදාවේ සහාය ද ලබාගෙන ඇති බවයි. ඊයේ රාත්‍රියේ ද අදාළ භික්ෂූන් වහන්සේ බණ්ඩත්තර පාලමින් ගඟට පැනීම සඳහා උත්සාහ දරා තිබූ අතර, පුද්ගලයෙකු පැමිණ එය වළක්වා තිබුණා. කෙසේ වෙතත්, මෙම භික්ෂූන් වහන්සේ අද උදෑසන සිය ඥාති සොහොයුරෙකුට භික්ෂුන් වහන්සේගේ හැඳුනුම්පත හා කුඩය ද භාර දී පාලම අසළ ඉවුරෙන් ගඟට පැන තිබුණා. අදාළ භික්ෂූන් වහන්සේගේ වයස අවුරුදු 81ක් පමණ වන බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories