Update: නාත්තණ්ඩියෙන් හමුවූ සිරුර බොරලැස්ගමුවේදී පැහැරගත් මතුගම පුද්ගලයෙකුගේ

Tuesday, 25 August 2015 - 22:29

Update%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A
නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ  බවට තොරතුරු හෙළි වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බවයි. මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම - මීගහතැන්න - පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

 හලාවත - මාරවිල - නාත්තණ්ඩිය -  හොර වංගුව මාර්ගයේ 25 කණුව අසළ තිබී පෙරේදා රාත්‍රියේ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුරක් සොයා ගනු ලැබුවා. ඒ, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි. කෙසේ වෙතත්, කුමන හේතුවක් මත මොහු පැහැරගෙන ගොස් ඝාතනය කළේ ද යන්න මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ.

Update : Wednesday, 26 August 2015 - 07.10
----------------------------------------------------

හිස කඳින් වෙන් කළ  පිරිමි මළසිරුරක් නාත්තණ්ඩිඩයේ

නාත්තන්ඩිය - වලහපිටිය ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කැලෑවක තිබී හිස කඳින් වෙන් කරන ලද පිරිමි මළසිරුරක් පොළීසිය සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න  මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මේ අතර, පසුගිය 20 වැනිදා මිහින්තලය අශෝකපුර පහළ ගමවැව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ ත්‍රිරෝද රථය පොළොන්නරුවේ තිබියදී පොලීසිය අද (25) සොයාගෙන තිබෙනවා.
පොළොන්නරුව නගරයේ සංචාරක පොළීසිය අසළ  නිවසක් ආසන්නයේ  ත්‍රිරෝද රථය දමා ගොස් තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories