"ගොවියෙකුවීම කරුමයක් ද ?" - ගොවියන් අසයි

Wednesday, 26 August 2015 - 7:56

%22%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF+%3F%22+-+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදු නොවීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්ව ඇති ආකාරය පිළිබඳ තොරතුරු රැසක් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවුණා. වී විකුණා ගැනීම සඳහා දින 3 ක් පමණ තමන් පෝලිම්වල රැඳී සිටින බවයි ඇතැම් ගොවීන් ප්‍රකාශ කර ඇත්තේ. මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙනවා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ වී අලෙවි මණ්ඩලය මෙම ගබඩාවලට එක් කළමනාකරුවෙක් පමණක් යොදවා ඇති නිසා වී මිලදී ගැනීම තව තවත් ප්‍රමාද වන බවයි.

ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වී මිලදී ගැනීමේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් වී අලෙවි මණ්ඩලය සතුව නොමැති බවයි. එහෙත් අතිරේක ජංගම සේවාවන් යොදවා වී මිලදී ගැනීම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා. ගබඩා හිස් කරගැනීම සම්බන්ධයෙන්ද ගැටළු පවතින බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ.
























(ඡායාරූප - කාංචන ආරියදාස)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories