හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන සැප්තැම්බර් 9 වනදා දක්වා අද (26) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පසුගිය 14 වනදා ගම්පහ නගරයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. මෙම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. පෙරේදා පොලිසියට භාරවීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.
මේ අතර, පසුගිය මැතිවරණ සමයේ හෝමාගම - හබරකඩදී මැතිවරණ නිලධාරින්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද විභාගයට ගැණුනා. ඒ හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්. නෙලූම්දෙණිය හමුවේයි. අතුරුගිරිය පොලිසියයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. අද තුන්වන දිනටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුට වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ලබන 30 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කළා.

Follow US
Most Viewed Stories