ජාතික ආණ්ඩුව හරි

Wednesday, 26 August 2015 - 13:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%BB%E0%B7%92
ඉතා සුහද සහ ගැඹුරු ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟත්වයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ප්‍රකාශ කරන්නේ එහිදී දෙපාර්ශවයටම කැප කිරීම් කරන්නට සිදුවූ බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණ ව්‍යාපාරයේදී ද නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළා. අවම වශයෙන් වසර දෙකක කාලයකට හෝ ජාතික ආණ්ඩුවක් බිහි කිරීම එහි අරමුණක්. ඒ අනුව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කළ බව සිහිපත් කරන එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ඇමති තනතුරු සහ වරප්‍රසාදවලට නොව මාතෘ භූමිය යළි ඉහළට ඔසවා තැබීමේ ව්‍යායාමට මුල් තැන ලබාදුන් බව ද ප්‍රකාශ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories