විපක්ෂ නායක ධුරයට කුමාර වෙල්ගම සුදානම්

Thursday, 27 August 2015 - 8:48

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ජාතික ආණ්ඩුව සඳහා අවසන් එකඟතාව ඇතිවුවත් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවතින්නේ තවමත් අවිනිශ්චිත තත්ත්වයක්.

මේ අතර විපක්ෂ නායක ධුරය භාරගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඊට අවශ්‍ය සුදුසුකම් තමන් සපුරා ඇති බවයි.  

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම පත්වීමට නියමිත බවයි. පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ නිමල් සිරිපාල ද සිල්වායි.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ලෙස පත් කළ යුතු බව පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා වෙත භාරදීමට සූදානම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට පෙර සඳහන් කළේ තමන් නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය භාර නොගෙන පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories