Update: පාවෙන අවි ගබඩාව ගැන ගෝඨාභයට නඩු පැවරීමට කරුණු නැහැ

Thursday, 27 August 2015 - 10:57

Update%3A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පසුගිය ජනවාරි 18 වනදා සොයා ගත් පාවෙන අවි ගබඩාව ගැන පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීමට තරම් කරුණු නොමැති බව නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර හමුවේ අද (27) නඩුව විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය වෙත මේ බව දැනුම්දුන් බව සඳහන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරීමට තරම් කරුණු නොමැති බවයි එහිදී පෙන්වා දී ඇත්තේ. එහෙත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ තවදුරටත් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන කරගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එහිදී අධිකරණය වෙත වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනතට අනුව නඩු පවරන්නේ නම් සැකකරුවන්ගේ නාමලේඛන සමඟ අවසන් විමර්ශන වාර්තාව ඔක්තෝම්බර් 22 වන දිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එහිදී නියෝග කළා.

මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් අත්හිටුවමින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ තහනම ද අද (27) ඉවත් කෙරුණා. අධිකරණ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය මාර්තු මහ 09 වැනිදා මෙම තහනම පනවනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ  ඉල්ලීමකට අනුවයි. ගාල්ල වරායේ තිබී පසුගිය ජනවාරි මස 18 වැනිදා සොයාගත් පාවෙන අවි ගබඩාව ගැන පරීක්ෂණවලට බාධාවන ආකාරයට හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශගත වීමට ඉඩ ඇති බැවින් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.



Update: Thursday, 27 August 2015 - 19:08
---------------------------------
ගෝඨාභයට රට යන්න පුළුවන්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් අත්හිටුවමින් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ තහනම අද ඉවත් කෙරුණා. අධිකරණ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පසුගිය මාර්තු මස 09 වැනිදා මෙම තහනම පනවනු ලැබුවේ රහස් පොලිසිය කළ  ඉල්ලීමකට අනුවයි. ගාල්ල වරායේ තිබී පසුගිය ජනවාරි මස 18 වැනිදා සොයාගත් පාවෙන අවි ගබඩාව ගැන පරීක්ෂණවලට බාධාවන ආකාරයට හිටපු ආරක්ෂක ලේකම්වරයා විදේශගත වීමට ඉඩ ඇති බැවින් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුපුරණ ද්‍රව්‍ය පනත, ගිනි අවි ආඥා පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අදාල කරගනිමින් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළා. එම පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණුවලට අනුව අපරාධයක් සිදු වී ඇත් ද යන්න විමර්ශණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව වාර්තාවක් ලබා දී තිබුණා. අදාල නඩුව අද දිනයේ කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිතිපතිවරයාගේ වාර්තාවට අනුව අධිකරණයට කරුණු දැනුම් දීමෙන් අනතුරුවයි මෙම තහනම ඉවත් කරනු ලැබුවේ. මෙහි අපරාධමය වරදක් සිදුව නොමැති බවට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories