නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට යන්නේ කෙසේ ද ? දේශහිතෛශීන්ට ප්‍රශ්නයක්

Thursday, 27 August 2015 - 19:03

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF+%3F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%81%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුම්ගත විය නොහැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනතාව මැතිවරණයේදී ඡන්දය ලබාදුන්නේ ප්‍රධාන පෙරමුණු දෙකකට වූවත්, මේ වනවිට පක්ෂ දෙකක් පමණක් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගතව ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද එහි මහ ලේකම් දුමින්ද දිසානායකගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ ජාතික ආණ්ඩුවකදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බවයි. ජාතික ආණ්ඩුව පිහිටුවනු ලබන්නේ පාර්ලිමේන්තුව තුළින් බවද මහ ලේකම්වරයා එහිදී තවදුරටත් සඳහන් කළා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික ආණ්ඩුවක් යන්න අර්ථ දක්වා තිබෙනවා. ඒ අනුව ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවයි.

මෙම ජාතික ආණ්ඩුවට සහය දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඞී.පී. සංවිධානය දැන් අවසන් තීරණයකට එළැඹ සිටිනවා. මෙම පක්ෂ පසුගිය මහමැතිවරණයේදී තරඟ කළේද එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින්.

දෙමළ ජනතාවගේ ගැටලූවට විසඳුම් ලබාගැනීම සඳහා තමන් මෙලෙස ජාතික ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කළ බවයි පසුගිය රජයේ අමාත්‍ය ධුරයක් හෙබ වූ ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය ජාතික ආණ්ඩුවට සහය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අප එම කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම්ගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීම මැදිහත්වීම සඳහා ජාතික ආණ්ඩුවට සහය පළ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories