වියළි කාලගුණයෙන් ලක්ෂ දෙකකට පීඩා

Friday, 28 August 2015 - 7:54

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිස්ත්‍රික්ක 5කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 60,000 ට අයත්, ලක්ෂ දෙක ඉක්මවූ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර කියා සිටියේ මේ වනවිට අවශ්‍ය සෑම ප්‍රදේශයකටම ජලය බෙදා හැරීම සඳහා කටයුතු කරමින් පවතින බවයි.

දිගාමඩුල්ල  සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වියළි කාලගුණ තත්ත්වය බලපා ඇති බව  දිස්ත්‍රික් ලේකම්වරුන්  පවසනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේද පවුල් 2500 කට අධික පිරිසක්  වියළි කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පානීය ජලය බවුසර් මගින් බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව අප කළ විමසීමකදී එහි දිස්ත්‍රික් ලේකම්වරිය වන පී.එස්.එම්.චාල්ස් කියා සිටියා.

යාපනය දිස්ත්‍රික්කයේද පවුල් දසදහසකට අධික පිරිසක්  වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබෙනවා.

මේ අතර, දකුණු පළාතේ සහ දකුණු වෙරළට ඔබ්බෙන් තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories