'දියකාවා' නැගනහිර අල්ලයි

Friday, 28 August 2015 - 8:47

%27%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%27++%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා යුද හමුදාව, ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් පස්වන වරටත් සංවිධාන කෙරෙන දියකාවා විශේෂ ඒකාබද්ධ යුද අභ්‍යාසය ලබන  මස 03 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙන බව යුද හමුදාව ප්‍රකාශ කළා. නැගෙනහිර පළාතේ කෝකිලායි සිට පානම දක්වා කොටසේ අදාළ යුද අභ්‍යාසය ක්‍රියාත්මක වනු ඇති.
 
ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දුනීසියාව, නේපාලය සහ මලයාසියාව නියෝජනය කරමින් 53 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගි වන බවයි යුද හමුදා මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ.

යුද හමුදාවේ 2500ක භට පිරිසක් ඊට සහභාගී වන අතර, කමාන්ඩෝ, විශේෂ බලකාය සහ නාවික හමුදාව නියෝජනය කරමින් 245 දෙනෙකු සහභාගිවීමට නියමිතයි.

එමෙන්ම ගුවන් හමුදාවේ 140 දෙනෙකු ද යුද අභ්‍යාසයට සහභාගී වන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.

වසර කිහිපයකට පෙර දියකාවා මෙහෙයුමේ අවස්ථාවක් පහතින් නරඹන්න





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories