අනුර ට සහ සුසිල් ට දුමින්ද සහ විශ්වා එරෙහි නෑ

Friday, 28 August 2015 - 10:53

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%A7++%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%91
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්තට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (28) ඉල්ලා අස්කර ගැණුනා. මෙම පෙත්සම් දෙක ගොනුකර තිබුණේ නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස අලූතින් පත් වූ මහාචාර්ය විශ්වා වර්ණපාල සහ නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකයි.

තමන්ට අදාළ ධුරයන් හි කටයුතු කරගෙන යාමට බාධා කිරීම වළක්වාලන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම පෙත්සම් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

 නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා නව මහලේකම්වරයාගේ කටයුතුවලට බාධා නොකරන බවට ප්‍රකාශ කර ඇති නිසා අදාළ පෙත්සම් අද දිනයේ ඉල්ලා අස් කර ගැණුනු බවයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාරක ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories