අගමැති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට අදහස් ලබාගැනීම අරඹයි

Saturday, 29 August 2015 - 12:56

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කර තිබෙනවා. නව රජය පිහිටුවා ඉදිරි මාස 6 තුළ නව ව්‍යවස්ථාව සකස් කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. නව ව්‍යවස්ථාව සැකසීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන බුද්ධිමතුන්ගේ සහ සිවිල් සංවිධානවල අදහස් ද ලබා ගැනෙනවා. මෙලෙස විවිධ පාර්ශවයන්ගේ සම්බන්ධීකරණය ඇති කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා තමාගෙන් ද ඉල්ලීමක් කළ බවයි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශාරදයෙකු වන  ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේ.

නව ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යාම සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස කටයුතු කරනු ඇති බවයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ.

එහෙත් ජාතික ප්‍රතිපත්තීන් ඇතුළු මූලික කරුණු ව්‍යවස්ථාවට යෙදීමේදී අනාගත ප්‍රවණතාවන්ට අනුව ඒවා සංශෝධන කළ හැකි ආකාරයෙන් පරීක්ෂාකාරීව ඇතුළත් කළ යුතු බවයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ. එමෙන්ම නව ව්‍යවස්ථාව ඉන්දීය මොඩලය හෝ වෙනත් රටක ආකෘතියක් නොව ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ ආකෘතියක් වනු ඇති බවයි ආචාර්ය වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අප තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන අධිනීතිඥ ගෝමීන් දයාශ්‍රීගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ 1972 ජනරජ ව්‍යවස්ථාව සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සකස් වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයකින් සැකසුණු බවයි. කෙසේ වෙතත් 1978 ව්‍යවස්ථාව සකස් කෙරුණේ එවකට පැවැති 6න් 5ක බලයක් සහිත ආණ්ඩු පක්ෂය ගෙන ආ සාමාන්‍ය පනතකින්. මෙවර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 ව්‍යවස්ථාව මෙන් මුළු පාර්ලිමේන්තුවේම නියෝජනයෙන් සකස් කෙරෙන අතර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී භාවයකින් යුක්ත වනු ඇති බව අධිනීතිඥ ගෝමීන් දයාශ්‍රී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories