ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර රාත්‍රී 7. 58ට ආරම්භ කරයි

Saturday, 29 August 2015 - 13:06

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%B3%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+7.+58%E0%B6%A7++%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළා. අද (29) රාත්‍රී 7. 58 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අලි ඇතුන් 90කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඩුව වඩමවාලනු ලබන්නේ නැඳුන්ගමුවේ රාජා හස්ති රාජයායි. ශ්‍රී දළඳා මාලිගාවේ ඉන්දිරාජා සහ රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා  හස්ති රාජයින් දෑලේ ඇතුන් ලෙස ගමන් කරනු ඇති.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාව ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සඳහා තුන්දහසක පොලිස් බලඇණියක් යොදා තිබෙනවා. එසේම, මෙවර ශ්‍රී දළඳා මාලිගාවේ මහමලූවේ සිට පෙරහර නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ වනවිටත් අතිවිශාල පිරිසක් පෙරහර දැක බලා ගැනීමට මහනුවරට පැමිණ සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

















අවසන් රන්දෝලි පෙරහර රාත්‍රි 7.58 ට ගමන් අරඹයි

මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ කරඩුව වැඩමවීම අද රාත්‍රි 7. 58 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරෙනවා. දියවඩන නිලමේ නිලංග දෑල හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ නැදුන්ගමුවේ හස්ති රාජයා මෙවර දළඳා කරඬුව වැඩමකරවන බවයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මේ වනවිටත් දහස් සංඛ්‍යාත ජනතාව මහනුවර නගරයට පැමිණෙමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවයි දියවඩන නිලමේ නිලංග දෑල වැඩිදුරටත් සඳහන් කළේ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය හෙට අලූයම පැවැත්වෙන දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් වීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories